ඕනෑම සමාජ ක්‍රමයක් සමඟ අවියෝජනීය වශයෙන් බැඳි පවතින්නා දෙයකි සංස්කෘතිය. ඒ අනුව යම් සමාජයක් හඳුනා ගැනීමෙහි ලා බලපාන කරුණු අතර සංස්කෘතිය ප්‍රධාන අංගයකි. යම් සමාජ ක්‍රමයක් තුළ ස්වාභාවිකව නිර්මාණය වූ දෙයට අමතරව මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ, ගොඩනැගූ දෙය සංස්කෘතිය ලෙස සරලව අරථ දැක්විය හැක.
කායික සමබරතාව, දියුණු මොළයක් පිහිටීම, කතා කිරීිමේ හැකියාව වැනි පරිණාමීය ලක්ෂණ හිමි වීමත් සමඟ දියුණු සත්ත්ව කොට්ඨාශයක් බවට පත්වන මිනිසා තමන්ගේ ජීවත් වීමේ ක්‍රමයට ගොඩනගා ගනු ලැබූ සිරිත් විරිත්, ආහාර පාන, ඇඳුම පැළඳුම ආදී සංකීර්ණ සමස්තය ද සංස්කෘතිය ලෙස අර්ථ ගැන්විය හැක. මිනිසා මෙන්ම සතුන් ද සාමූහික සත්ත්ව කොට්ඨාශයක් වුවද සංස්කෘතියක් ඇත්තේ මිනිසාට පමණක් වීම ද සුවිශේෂී කරුණකි. ඒ අනුව මිනිසාගේ හැසිරීම යනු සංස්කෘතියේ කොටසක් වනවා පමණක් නොව පුද්ගලයන් අතර සමූහ අතර සංස්ථා අතර ඇතිවන මේ සම්බන්ධතා කෙරෙහි සංස්කෘතිය බලපානු ලබයි. ඒ නිසා යම් සමාජයක ඇති දේ කරන දේ මෙන්ම හිතන දේ ඇතුළත් භෞතික හා අභෞතික සියල්ල සංස්කෘතියට අයත්ය.
සංස්කෘතිය යනු culture යන ලතින් වචනයෙන් බිඳී ආවකි. මෙය නිර්වචනයක් ආශ්‍රයෙන් පැහැදිලි කළ හොත්,
“සංස්කෘතිය යනු සමාජීය සමාජකයෙකු ලෙස මිනිසා විසින් එක්රැස් කරගන්නා දැනුම, විශ්වාස, කලා, සදාචාර, නීති,සිරිත් විරිත් ආදිය ඇතුළත් සංකීර්ණ සමස්තයයි.”
E.B ටයිලර්.
E.B ටයිලර්.
මේ අනුව බලන විට සංස්කෘතිය යනු මිනිසාගේ සාමාජය ජීවිතය හෙවත් සමස්ථය ලෙස දැක්විය හැකිය. මෙහි දී ජන සංස්කෘතිය සේම ජනයා අතර ප්‍රිය වු හා ජනයා සමඟ වැඩෙන වශයෙන් ලෙස ද නව සංස්කෘතියක් නිර්මාණයව පවතී. එය නම් ජනප්‍රිය සංස්කෘතියයි.
14 හා 16වන සියවස් අතර කාලයේ පුරාණ ග්‍රීසියේ පුනරුද සමයේ සිට ජනප්‍රිය සංස්කෘතික සංකල්පය හඳුනාගෙන තිබේ- 19 වන සියවසේ දී ව්‍යවහාරයට එක් වූ ජනප්‍රිය සංස්කෘතිය කාර්මීකරණය, නාගරීකරණය, ගෝලීයකරණය සමඟ ප්‍රචලිත විය- 20වන සියවසවන විට එය වඩා ප්‍රචලිත විය.
ජන සංස්කෘතිය වෙත මාධ්‍ය විසින් කරන ලද බලපෑම ජනප්‍රිය සංස්කෘතියේ පදනමයි. එය “පොප් කල්චර්” නමින් භාවිතයට එක් විය. මුද්‍රණ ශිල්පය සමඟ සන්නිවේදන ක්ෂේත්‍රෙය් ජනප්‍රිය සාහිත්‍යාංග විශාල වශයෙන් ප්‍රචලිත විය. පුවත්පත, රූපවාහින,ගුවන් විදුලිය, සිනමාව හා වර්තමානයේ නව මාධ්‍ය ද එයට මූලික ව ඇත. ජනප්‍රිය සංස්කෘතික අංග සමාජයේ දිගු කලක් වැඩෙමින් පවතින අතර එය මිනිසාගේ දෛනික ජීවිතය හා බැඳෙයි. ජනප්‍රිය සංස්කෘතිය හා ජන මාධ්‍ය අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයකි. ජනප්‍රිය සංස්කෘතිය ජන මාධ්‍ය මත ද ජන මාධ්‍ය ජනප්‍රිය සංස්කෘතිය මත ද රඳා පවතින බව කේ ටීියුනර් පෙන්වා දෙයි.
ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ පවතිනුයේ එකිනෙකට වෙනස් මතවාද දෙකකි.
■ ජනප්‍රිය සංස්කෘතිය යනු ප්‍රභූන් විසින් තමාට පහළ ස්ථරය පාලනයට යොදාගත් සංස්කෘතියක් බව.
■ පාලක පන්තියේ සංස්කෘතියට විරුද්ධව නැගී සිටින පොදු බලවේගය බව.
කෙසේ වුව ද මෙම මත දෙක තුළින් ම ප්‍රකට වූයේ ජනප්‍රිය සංස්කෘතිය යනු පොදුජන සංස්කෘතිය බවයි.
ජනප්‍රිය සංස්කෘතිය විවිධ පුද්ගල හා ව්‍යාපාරික අපේක්ෂාවන් මත බිහිවන කර්මාන්තයකි. මේ තුළ ජන විඥාණයට නව අංග හඳුන්වා දෙන නමුත් එම නව අංග පුද්ගල චර්යාවට යම් ආකාරයක බලපෑමක් කළ හැක.භාණ්ඩ හා සේවා මුල් කරගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිශ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප්‍රිය සංස්කෘතික අංග බවට පත් කරයි.
ඒ අනුව ජනප්‍රිය සංස්කෘතය පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයන් විසිනි.
ඒ අනුව ජනප්‍රිය සංස්කෘතියේ මූලිකාංග වන්නේ,
■ කාලය.
■ තාක්ෂණික මැදිහත් වීම.
■ කර්මාන්තකරණය.
■ ආකර්ෂණීය බව.
වැනි කරුණු දැක්විය හැක.
Keep it write
ReplyDelete