Tuesday, August 28, 2018





                                                  photo by: Tharika Sadamini

                                                         
                                                        Photo by: Tharika Sadamini




Photo by: Tharika sadamini

O/L අසමත් නම් ජීවිතය අසමත් ද?












     O/L අසමත් නම් ඔබ ඔබේ ජීවිතයෙන් අසමත් නොවන බව සිහියට ගන්න. එක් මාර්ගයක් වැසුණු විට ඔබට තවත් මාර්ග රැසක් විවරවන බව සිහියට ගන්න.ඒ තුළින් තමාට වඩා ගැලපෙන වඩා නිවැරදි වූ මාර්ගය තෝරා ගෙන ඒ ඔස්සේ පිය නැගීමෙන් තම ජීවිතය සාර්ථක කරගත හැකිබව සිහියට ගන්න.

ජීවිතයේ අපට හමුවන අප මුහුණ දෙන අනේකවිධ බාධක අභියෝග හමුවේ අධ්‍යාපනය යනු අප මුහුණ දිය යුතු තවත් එක් වැදගත් කඩඉමක් ලෙස හඳුනාගත හැකිය.අධ්‍යාපනය නමැති කඩඉමට අප මුහුණදිය යුතු වූවා පමණක් නොව එම කඩඉම ජය ගැනීමෙන් පමණක් අප ජීවිතය සාර්ථක කර ගැනීමට හැකිවන බවට කුඩා කළ සිටම ගුරු දෙගුරුන්ගෙන් අපට නිරන්තර අවවාද අනුශාසනා ලැබෙයි.

වත්මන් සමාජයේ පෙර පාසල් කාලයේ  සිටම යන්තම් වචනය දෙක ලියන්නට කියන්නට හුරුවන දරුවා ශිෂ්‍යත්ව කඩඉම    ජය ගැනීම කෙරෙහි යොමු කර වීමට වෙර දරන්නේ තරඟකාරී ලෝකය තුළ පිළිගත් සමාජ පුරවැසියෙකු ලෙස තම දරුවා සමාජගත කිරීමට අධ්‍යාපනයේ අවශ්‍යතාවය මවුපියන් අවබෝධ කර ගන්නා නිසා විය හැකිය. කෙටියෙන්ම පවසතතොත් මෙය දරුවන්ගේ විභායක් යැයි පවසනවාට වඩා මවුපියන්ගේ විභාගයක් බවට පවසන්නට තරම් සමාජීයමය මතයක් ගොඩනැගී ඇත්තේ අධ්‍යාපනයයන්න එතරම්  වැදගත් වූවක් බවක් එදාට වඩා අද සමාජයේ සාර්ථක සැපවත් ජීවිතයක් ගත කිරීමට අධ්‍යාපනයෙන් තොර ලොවක් නොමැති බවක් සියල්ලන් අවබෝධ කරගෙන සිටින නිසා විය හැකිය.

මෙහි දී ජීවිතයක් ජයගැනීමට සම්පූර්ණ කළ යුතු අවම සුදුසුකමවන දරැක කඩඉම ජය ගැනීමට ශිෂ්‍යයත්වයට තරම් වු පෙළඹවීමක් මවුපියන්ට දරුවන්ගෙන් නොලැබෙයි.එවැනි අවස්ථාවල සා.පෙළ තමන්ගේ ජීවිතයට සාපයක් කරගනිමින් එම සිහිනය බොඳ කරගන්නා අවස්ථා ඕනෑ තරම් වෙයි.ඒ තුළින් තම ජීවිතය අසාර්ථක කර ගන්නා අවස්ථා ඕනෑ තරම් වෙයි.එවැනි අවස්ථාවල ඇතැමුන් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට පෙළඹෙන අවස්ථා ඕනෑ තරම් වෙයි.වරද කාගේ ද? දරුවන්ගේ ද? නැතිනම් දෙමාපියන්ගේ ද?

නමුත් විය යුත්තේ එය නොවෙයි.වර්තමානයේ දී අධ්‍යාපනයට ඇත්තේ එක් මාර්ගයක් නොවන බව වත්මන් තාරුණ්‍යය විශේෂයෙන් අවබෝධ කර ගත යුතුය. තමාගේ දක්ෂතාවයට හැකියාවට ගැළපෙන ඕනෑ තරම් ක්ෂේත්‍රයන් අද සමාජය තුළ පවතින නමුදු වැදගත්වන්නේ එයින් නිවැරදි මාර්ගය තෝරා ගැනීමයි.

ජීවිතය ජය ගැනීමට අධ්‍යාපනය වැදගත් මුත් ජීවිතය ජය ගැනීමට ඇති එකම මාර්ගය එයම නොවන බව අප සිහියට ගත යුතුය.සැමට එක ලෙස සියලු දක්ෂතාවයන් නොපිහිටන බැවින් අප කළ යුත්තේ අපට ගැලපෙන නිවැරදි මාර්ගය හඳුනා ගනිමින් ඒ ඔස්සේ ගමන් කර තම ජීවිතය හැඩ ගස්සවා ගැනීමයි.

ඒ නිසාවෙන් O/L අසමත් නම් ඔබ ඔබේ ජීවිතයෙන් අසමත් නොවන බව සිහියට ගන්න. එක් මාර්ගයක් වැසුණු විට ඔබට තවත් මාර්ග රැසක් විවරවන බව සිහියට ගන්න.ඒ තුළින් තමාට වඩා ගැලපෙන වඩා නිවැරදි වූ මාර්ගය තෝරා ගෙන ඒ ඔස්සේ පිය නැගීමෙන් තම ජීවිතය සාර්ථක කරගත හැකිබව සිහියට ගන්න.

                                                  photo by: Tharika Sadamini